ආයුබෝවන් කියලා හැමෝම පිලිගන්නවා…. NAVA.LK අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ තියන ඔන්ලයින් සේල් එකක් වන කප්රුක කියන වෙබ් අඩවිය මගින් කරන යහපත් වැඩක් ගැන… මොකද්ද මේ කප්රුක කියන්නේ මේක තමා ලංකාවේ තියන හොදම ඔන්ලයින් සේල් කරන වෙබ් අඩවිය කිව්වොත් නිවරදි… මේ දාලා තියන ලින්ක් එක මගින් කප්රුක කියන වෙබ් අඩවියට පිවිසිලා ඔයාලට අවශ්‍ය ඔනම
ආයුබෝවන් කියලා හැමෝම පිලිගන්නවා….
NAVA.LK අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ තියන ඔන්ලයින් සේල් එකක් වන කප්රුක කියන වෙබ් අඩවිය මගින් කරන යහපත් වැඩක් ගැන…
මොකද්ද මේ කප්රුක කියන්නේ
මේක තමා ලංකාවේ තියන හොදම ඔන්ලයින් සේල් කරන වෙබ් අඩවිය කිව්වොත් නිවරදි…
මේ දාලා තියන ලින්ක් එක මගින් කප්රුක කියන වෙබ් අඩවියට පිවිසිලා ඔයාලට අවශ්‍ය ඔනම භාන්ඩයක් මිලදීගන්න පුලුවන්
www.kapruka.com
දුලිත් හේරත් කියන පුද්ගලයාගේ නිර්මාණයක් තමයි මේ කප්රුක කියන වෙබ් අඩවිය
2009 මැයි 18 කියන්නේ ශ්‍රී ලාංකික අපේ ඉතිහාසයේ අලුත්ම පිටුවක් පෙරලුනු දවස. ඇත්තටම කියුවොත් ඒක අපි කාගෙත්, අපේ දුවා දරුවන්ගේත් අනාගතය ආරක්ෂිතයි සුන්දරයි කියලා අපට උරුම කරලා දීපු දවස.
එන්න ඒ උරුමය අපට දෙන්න, අපේ දරුවන්ට දෙන්න, තමන්ගේ ජීවිතයෙන්, තමන්ගේ අනාගතයෙන් වන්දි ගෙවපු අපේ ත්‍රිවිධ හමුදා වල රණවිරුවන් අමතක කරලා නත්තලක්, අලුත් අවුරුද්දක් අපි කොහොමද සමරන්නේ…
ඒ කැපකිරීම එයාලා විතරක් නෙවෙයි එයාලාගෙ දෙමාපියන් , සහෝදර සහෝදරියන්, බිරින්දන් , ඉපදුනු , ඉපදෙන්න හිටිය දරුවෝ හැමෝමත් අපි වෙනුවෙන් කලා…
ගොඩක් අයට ඒ රණවිරුවන් කල කැප කිරීම අමතක වෙලා රටේ අනාගතය, සංවර්ධනය අමතක වෙලා තියන වෙලාවක කප්රුක අපි තීරණය කළා යුතුකමේ තිළිණය එයාලා වෙනුවෙන් ඒ අයගේ පවුල් වලට ලබා දෙන්න. හැම රණවිරුවෙක් වෙනුවන්ම ඒ දේ කරන්න අපිට බැරි වුණත් කප්රුක අපි තෝරාගත් රණවිරුවන් 100 කට කප්රුක වෙතින් ඒ තිළිණ දුන්නා. දැන් ඒ යුතුකමේ තිළිණ යට ඔයාලටත් සහභාගි වෙන්න පුලුවන්.
එහෙම තෝරාගත් රණවිරුවන් කීප දෙනෙක් ගේ විස්තර තමයි පහතින් දක්වා තිබෙන්නේ. ඔබ එක් රණවිරුවෙක් තෝරාගෙන එයා වෙනුවෙන් එයාගේ පවුලට යුතුකමේ තිළිණය තෑගි කරන කොට අපි එයා වෙනුවෙන් ඒ තිළිණය එයාලාගෙ ගෙදරට ම ගිහින් දෙනවා.
ඔබ කෙනෙක් තෝරාගෙන එයා වෙනුවෙන් ඒ තිළිණය යවන විට ඒ රණවිරුවා මේ ලැයිස්තුවෙන් අයින් වෙලා වෙනත් රණවිරුවෙක්ගේ නමක් එකතු වෙනවා ඔයා වගේම ආදරණීය තවත් කෙනෙකුට ඒ යුතුකම ඉටුකරන්න ඉඩ දීලා (කප්රුක)
පහත ලින්ක් එකට පිවිසීම මගින් ඔබටත් මේ සදහා දායක විය හැකිය
Leave a Comment
Your email address will not be published. Required fields are marked with *