728 x 90

කපපු පළා ඇසුරුම මුලින්ම ලෝකයට හඳුන්වා දුන්නෙ අපි – ජානකී කත්‍රිආරච්චි – ‘රන්බත්’ පුද්ගලික සමාගම, Three star organic farm සභාපතිනී

කපපු පළා ඇසුරුම මුලින්ම ලෝකයට හඳුන්වා දුන්නෙ අපි – ජානකී කත්‍රිආරච්චි – ‘රන්බත්’ පුද්ගලික සමාගම, Three star organic farm සභාපතිනී

කැපූ පලාවර්ග වෙළෙඳ‍පොළට එකතු කර ලෝකය ජයගත් දිරිය කාන්තාවක් ගැන තමා අද nava.lk අපි කතා කරන්න යන්නෙ.,, මැය නමින් ජානකී කත්‍රිආරච්චි,Three star organic farm සභාපතිනී පිළියන්දල කියන ගම තමා මෙතුමියගේ ගම, පොඩිකාලේ ඉදලම හැදී වැඩි තියෙන්නෙ කෘශිකාර්මික පරිසරයක් ආශ්‍රිතවය, 1988 දී විවාහ වුන මැය අනුරාධපුරේ අක්කර 10ක පමන ඉඩමක් බද්දට ලබාගෙන වගා කළා. මිරිස්, එළවළු,

කැපූ පලාවර්ග වෙළෙඳ‍පොළට එකතු කර ලෝකය ජයගත් දිරිය කාන්තාවක් ගැන තමා අද nava.lk අපි කතා කරන්න යන්නෙ.,,

මැය නමින් ජානකී කත්‍රිආරච්චි,Three star organic farm සභාපතිනී

පිළියන්දල කියන ගම තමා මෙතුමියගේ ගම, පොඩිකාලේ ඉදලම හැදී වැඩි තියෙන්නෙ කෘශිකාර්මික පරිසරයක් ආශ්‍රිතවය, 1988 දී විවාහ වුන මැය අනුරාධපුරේ අක්කර 10ක පමන ඉඩමක් බද්දට ලබාගෙන වගා කළා. මිරිස්, එළවළු, වැනි දේවල් වගා කළා.

පස්සෙ දරුවො තුන්දෙනා ලැබුණා.ඊට පස්සෙ ආර්ථික ප්‍රශ්නත් ටිකක් ඇතිවුණා.

ගෙදර වැඩ දරුවො තුන් දෙනා ලොකුමහත් කරන වැඩ තනියම කරගත්තා. සැමියා ඔය කා‍ලේ බිම්මල් වගාවක් කරගෙන ගියා. පුතාට කෑම හදන කොට වැටහුණ දෙයක් තමයි පලාජාති වැඩිපුර දරුවන්ට දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැනේ කියන දේ. පලා සුද්ද කරලා කපලා හදන එක තරමක විශාල වැඩක් වෙනවා. ගෙදරට ගේන එළවළු අතර තිබෙන පලා ජාති හදන්න වෙලාවක් නැතුව නරක් වෙලා විසි කෙරෙනවා. දරුවන්ගේ වැඩත් එක්ක මේක අමාරු වැඩක් වුණා. මගේ සීයගේ ඉඳලම හොඳ ගොවියෝ. අපේ ගෙදරට කෑමට ගත්තේ වත්තේ කුඹුරේ වවපු අස්වැන්න. අපේ දරුවන්ට ඇයි මේ දේ දෙන්න බැරි කියන දේ හැමදාම මගේ හිතේ තිබුණා.(ජානකී කත්‍රිආරච්චි)

මෙතුමියගෙ ව්‍යාපාර වෙන්නේ ,ගොවිබිම් වලින් නෙලා ගන්න ලද පලාවර්ග නෑවත පිරිසිදු කර ඇසුරුම් කර නැවත වෙලදපලට ඉදිරිපත් කිරීමය

මුලින්ම අපි පලාවර්ග සල්ලිදීලා අරගෙන සුද්ද කරලා සෝදලා කපලා වෙළෙඳ‍පොළට නිකුත් කළේ. ටිකක් කල් යනකොට පලාවර්ගවලට යොදන ‍පොහොර කෘමිනාශක වගේ දේවල්වල අහිතකර තත්ත්වය පිළිබඳව තේරුණා. වස රසායනික ද්‍රව්‍ය යොදලා දවස් දෙක තුනක් ඇතුළත පලා කපලා දෙනවා. මේ තත්ත්වය සමාජයටම බරපතළ පිළිලයක්. ඔය තත්ත්වය නිසා කෘෂි රසායනික ද්‍රව්‍යයන්ගෙන් තොරව පලාවර්ග ගොවිපලක් ආරම්භ කිරීමට අපි තීරණය කළා.

මේ සඳහා නෙදර්ලන්තයේ සහතික කරන ආයතනයක සහාය ගන්න අපිට සිදුවුණා. අක්කර දෙකක් වවන්න සහතිකය ගන්නම ලොකු ගාණක් වියදම් කරන්න වුණා. අපේ නිෂ්පාදනවලට කිසිම රසායනික ද්‍රව්‍යයක් හෝ කල් තබාගැනීම සඳහා දෙයක් යොදාගන්නේ නැහැ.(ජානකී කත්‍රිආරච්චි)

කපපු පලාවර්ග මුලින්ම හඳුන්වා දුන්නේ සුපර් මාර්කට්වලටයි. අපේම ගෙදර කොටසක මුලින්ම පලාවර්ග සකස් කිරීම සිදුකළා. බැංකු ණයක් අරගෙන ISO සහතිකය ගන්න පුළුවන් විදිහට කර්මාන්තශාලාව පටන් ගත්තා. ලංකාවේ පළමුවැනියටම Good manufacturing සහතිකය ලැබුණේ අපේ කර්මාන්ත ශාලාවටයි.

ව් මේ වෙනකොට ලංකාවේ සුපර් මාර්කට් සහ හෝටල්වලට අපේ පලා නිෂ්පාදන යොමුකෙරෙනවා. දවසකට කර්මාන්තශාලාවෙන් කපපු පලා වර්ග පැකට් 2000ක් විතර වෙළෙඳ‍පොළට නිකුත් කරනු ලබනවා.කැනඩාව, ඔස්ට්‍රේලියාව, මාලදිවයින වගේ රටවල අපේ පලාවර්ගවලට හොඳ ඉල්ලුමක් තිබෙ

මේ අතරේම 2012 වසරෙදි ලංකාවෙ පළවෙනි කාබනික නිර්මාංශ අවන්හල පටන්ගත්තා. බත්තරමුල්‍ලේ දියත උයනෙදි. ඊට නම යෙදුවෙ රන්බත් කියලයි. අපේ රටේ ප්‍රශ්නයක් වෙලා තියෙන බෝ නොවන රෝග රැසකට හේතුව වෙලා තියෙන්නෙ රසායනික ද්‍රව්‍ය යෙදූ එළවළු සහ රසකාරක යොදා ඒවා පිළියෙල කිරීමයි. රන් බත් අවල්හ‍ලේ රසකාරක යොදන්නේ නැතුව අපේ අම්මලා, ආච්චිලා හදපු විදිහට ලංකාවට ආවේණික රසට ලංකාවේ දේශීය කුළුබඩු යොදලා ආහාර සකස් කරලා දෙනවා. බත්වලට කළු හීනටි, පච්ච පෙරුමාල් වගේ පාරම්පරික හාල් වර්ග අපි යොදාගන්නවා. තෙල්, මිරිස්, සීනි අඩුවෙන්. ඒත් රසට පාරිභෝගිකයින් පිනවීම අපේ අරමුණයි. පිටරටවල තියෙන හැම කෑමක්ම අපේ රටේ හැම තැනම තියෙනවා. ඒත් සිංහල කෑමක් කන්න මතක් වුණොත් තැනක් හරියට නැහැ. ඒ හිඩැස පුරවන්නයි මට ඕන වුණේ.(ජානකී කත්‍රිආරච්චි)

ග තුම්මුල්‍ලේ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ රන්බත් කාබනික නිර්මාංශ අවන්හල අපි පටන්ගත්තා. නිදහස් මනසකින් යුතුව නිර්මාංශ දේශීය ආහාර අපි පාරිභෝගිකයාට ලබාදෙනවා. මැටි පිඟානක නෙළුම් කො‍ලේක බත් ටිකක් කන්න, ‍පොල් කටුවක දේශීය බිමක් බොන්න මෙහිදී පාරිභෝගිකයාට අවස්ථාව සැලසෙනවා. යම් සමාජ ස්ථරයක ඉන්න පිරිසකට දේශීය රටාවට සහ තමන්ගේ අසනීප ගැන දන්න ඒවට බෙහෙත් ආහාර සොයන අයට ඊට සරිලන ආහාර වේලක් ලබාදීම මෙහි අරමුණ වුණා. ඊට අමතරව දැන් රන්බත් ව්‍යාපාරය Eco Friendly catering service එකක් හඳුන්වා දුන්නා. සිංහලකමට දේශීය ආහාර වළං මුට්ටිවල නෙළුම් කොළේ ඕනම උත්සව අවස්ථාවකට අපි දෙනවා. ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ උත්සව සඳහාත් අප catering කරනවා.(ජානකී කත්‍රිආරච්චි)

පහල ඇති ලිපිනය මගින් මෙම ආයතනය සම්බන්ද කරගතහැකිය

For Contacts Three Star Organic

Original property රිවිර

Posts Carousel

Leave a Comment

Your email address will not be published. Required fields are marked with *

Latest Posts

Top Authors

Most Commented

Featured Videos