728 x 90

සාමන්‍ය ” තේ ” සංස්කෘතියෙන් මිදී වෙනම ගමනක් ඇරැඹූ නිහතමානී ව්‍යවසායකයා ( fadna green tea- “චමේන්ද්‍ර සෝම්තුංග” )

සාමන්‍ය ” තේ ” සංස්කෘතියෙන් මිදී වෙනම ගමනක් ඇරැඹූ නිහතමානී  ව්‍යවසායකයා (  fadna green tea-  “චමේන්ද්‍ර සෝම්තුංග” )

nava.lk එකේ අපි අද කතා කරන්න යන්නෙ බිස්නස් ගැන අමුතූ ආරෙකට හිතුව, වෙනස්ම කෝනෙකින් බිසනස් ගැන හීන දැකපු, පුංචිම තැනින් පටන් අරන් තමන්ගෙ ඉලක්ක වෙත හුගාක් මහන්සියෙන් ලං උනු පුත්ගලයෙක් ගැනයි.. ඔහු පවසන ආකාරයටනම් තමන්ගේම ව්‍යවසායකත්වයේ ගමනක් යන්නනම් මහා ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍ය නැති බවයි.  ඔහු නමින් ” චමේන්ද්‍ර සෝම්තුංග” වේ. දත්ත වාර්ත අනුව නම් Green tea

nava.lk එකේ අපි අද කතා කරන්න යන්නෙ බිස්නස් ගැන අමුතූ ආරෙකට හිතුව, වෙනස්ම කෝනෙකින් බිසනස් ගැන හීන දැකපු, පුංචිම තැනින් පටන් අරන් තමන්ගෙ ඉලක්ක වෙත හුගාක් මහන්සියෙන් ලං උනු පුත්ගලයෙක් ගැනයි.. ඔහු පවසන ආකාරයටනම් තමන්ගේම ව්‍යවසායකත්වයේ ගමනක් යන්නනම් මහා ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍ය නැති බවයි. 

ඔහු නමින් ” චමේන්ද්‍ර සෝම්තුංග” වේ.

දත්ත වාර්ත අනුව නම් Green tea වෙළෙඳ‍පොළෙන් සීයට පනහක (50%) ඉල්ලුම සපුරන්නේ Fadna  ආයතනයයි…

 

 

 

 

 

අපි පොඩ්ඩක් හොයල බැලුවා මේ අපූරු මිනිසාගේ ජීවිත කතාන්දරය…

චමේන්ද්‍ර සෝම්තුංග මහත්තයාගේ ගම ඇල්පිටිය. හරි ලස්සන ගමක්. පියා  රජයේ සේවකයෙක් ඒ වගේම මව විදුහල්පතිවරියක්. ඒ වගේම මුල් අධ්‍යාපනය ලබාගෙන තියෙන්නෙ ඇල්පිටිය ආනන්ද විද්‍යාලයෙන්. ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සෙ කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුල් උනු මොහු පාසල් කාලය මෙනම තම පුංචි කාලය ගැමි කමත් සමග හරි සුංදර විදියට ගෙවපු අයෙක් කීවොත් නිවැරදි.

මේ මහතා පවසන ආකරයටනම් කොළඹ ආනන්ද විද්‍යාලයට පැමිනිමත් මේ ගමනට ලොකු ආශිර්වාදයක් උනු බවයි. එහි තිබුනු පරිසරය නිසා අධ්‍යාපනය පමණක් නොව ජීවිතේ හුගාක් දේවල් ඉගෙනගත්තා මෙනම සමාජය ගැන හුගාක් කරුනු තේරුම් ගැනීමට ඔහුට හැකි විය.. ඒ දේවල් මොහුගේ ඉලක්ක වෙත ලග වීමට මහත් අස්වහලක් වූ බව නොරහසකි.. මන්ද මේ අප අද ජීවත් වෙන සමාජය තුලින් ඉගෙනගැනිමට නොයෙකුත් දේ ඇත. ජීවිතේ සාර්ථක තත්වයකට පත් කර ගත් සියලු දෙනා නොයෙක් දේ ගැන තේරුම්ගත්තේ , නොයෙක් දේ ගැන අත්දැකීම ලබ ගත්තේද මේ සමාජය තුලිනි.

චමේන්ද්‍ර සෝම්තුංග  මහතා  තම කුඩා කාලය සිට තම පළමු රැකියව අවසන් වන තෙක්ම ගත කලේ සැප ජීවිතයක්නම් නොවේ. මන්ද ඔහු සමග ඔහුගෙ සහොදර සහෝදරියන් තම අම්මාගේ පඩියෙන් තමයි අපි ජීවත් වී තිබෙන්නෙ.  මහලොකු සල්ලියකුත් තිබී නැහැ. නමොත් එදිනෙදා වැඩ කටයුතු සාමන්‍ය පරිදි කර ගැනීමට තරම් එම මුදල් සෑහී තිබෙනවා.

මොහු පුවත්පත්( රිවිර ) වලට පවසා ඇති පරිදි

“තාත්තා මුලින්ම මට මේ දේ කරන්න කියලා විශේෂයෙන් කිව්වේ නැහැ. ඒකත් එක්ක දෙයක් හිතලා තීරණය කරන්න නිදහස ලැබුණා. කොළඹ ඇවිල්ලා තනියෙන් ජීවත් වෙනකොට බලන්න කියලා කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා අසීමිත නිදහසක් තිබුණා. දැන් කා‍ලේ වගේ නිතරම කතා කරලා බලන්න ටෙලිෆෝන් තිබුණේ නැහැ. ගෙදරින් ආවාට පස්සේ ආයි ගෙදර යනකන් ජීවිතේ තීරණ තමන්ටම හිතලා බලලා ගන්න වුණා. ”

අප මුලින් කතා කල පරිදි මොහුගේ පළමු රැකියාව වන්නෙ
“බාටා ” ආයතනයේ කළමනාකරණ අභ්‍යාසලාභීයෙකි. ඒ කාලයේ මොහුගේ සාමන්‍ය වැටුප වී තිබෙන්නෙ රු.1600ක් වගේ දීමනාවක් පමණයි. ඉන්ප පසු පළවෙනි මාස හයෙන් පස්සේ රුපියල් 5000ක වැටුපක් ලැබිනි. මුල් කා‍ලේ මොහුට මේ ලැබුණු මුදල ජීවත් වෙන්න මදි නිසා තම මවගෙන්ම මුදල් අඩුපාඩු ඉල්ලන් ජීවත් වීමට ඔහුට සිදු උනා..

කල්පනා කර බලන්න , තමන් රැකියාවක් කරන අතරමග තම මවට ජීවත් වීමට කීයක් හරි ලබා දී ඇයව සන්තෝසයෙන් තැබිය යුතු , ඇයව සැපෙන් සතුටින් තිබිය යුතු කාලෙක , ඇයිගෙන්ම මුදල් අඩු පාඩු ඉල්ලාගනිමින් ජීවත් වීමට සිදු වීම ඔහුට කෙතරම් වේදනාවක් වන්නට ඇත්ද?

මේ සිදුවීම් මේ අකාරයට පෙලගැසීම ම මොහුගේ දියුණුවට හේතූ වූ  වගනම් නිසැකය.

චමේන්ද්‍ර සෝම්තුංග  මහතා පුවත්පත්( රිවිර ) වලට පවසා ඇති පරිදි

මුල්ම කා‍ලේ මොනවා හර කරන්න ඕන කියලා හිතුවට මොකක්ද කරන්නේ කියලා අදහසක් තිබුණේ නැහැ. බාටා ආයතනයේ වැඩ කරන කා‍ලේ තමයි Business එකක් කරන්න ඕන කියලා ලොකුවටම හිතට ආවේ. මුලින්ම කළේ Garment Factory එකක්. ඒකේ තරගකාරීත්වය හුඟක් වැඩියි. ඒත් පාඩු නැතුව කරගෙන ගියා. පස්සේ ඒක මම නැවත CFL බල්බ් බිස්නස් පටන් ගත්තා. ප්‍රමිතියෙන් තොර CFL බල්බ් වෙළෙඳ‍පොළේ අඩු මිලට විකුණන්න පටන් ගැනීමනිසා මගේ බිස්නස් එක කඩාගෙන වැටුණා. කොටින්ම කියනවා නම් අනාථ වුණා වගේ බිංදුවෙනුත් පල්ලෙහාට වැටුණා. ඒක හොඳ අත්දැකීමක් වුණා. බිස්නස් එකක් පාඩුයි කියන දේ අපි දැනගෙන හිටියට ඒක ඇඟට දැනෙන්නේ ප්‍රාග්ධනය කියන දේ සම්පූර්ණයෙන්ම හිඳුනට පස්සෙයි.
ඒක අදටත් මට ලොකු අත්දැකීමක් වුණා. ඊට පස්සේ තමයි මම මේ බිස්නස් එකට යොමු වෙන්නේ.”

චමේන්ද්‍ර සෝම්තුංග  මහතා පවසන පරිදි
CFL බල්බ් බිස්නස් එක වැටුණ නිසා Fadna ආයතනය පටන් ගන්න කොට අතේ සතයක්වත් නොවූ අතර ඔහු මේ සදහා ප්‍රාග්ධනය සොයාගෙන ඇත්තෙ ඒ කාලයේ ඔහුගේ ව්‍යාපර නිසා ගොඩනැගුනු  සම්බන්ධකම් ඔස්සේයි.  ඒ හැඳුනුම්කම්වලින් උදව් අරගෙන තමයි මුලින්ම මොහු  මේ ආයතනය ආයතනයට මූලික අඩි තාලම දමා ගනු ලබන්නේ.

ඔහු මේ ව්‍යාපරය මුලින්ම ආරම්බ කරන්නෙ ශ්‍රීලංකාවේ පාරම්පරික බෙහෙත් වර්ග, ඒනම්  රණවරා , බෙලිමල් වගේ ඒවා භාවිත කිරීමට පහසු විදිහට Tea bag විදිහට වෙළෙඳ‍පොළට නිකුත් කිරීමයි.                                            පසු කලෙකදී  ආචාර්ය ඩී.බි.ඩී. විජේරත්න මහතා තමයි මුලින්ම Shape Up tea කියන අදහස මොහු වෙත ලබා දී තිබෙන්නේ.

ආචාර්ය ඩී.බි.ඩී. විජේරත්න මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු Research and development department එකේ ඩිරෙක්ටර්වරයෙකි. ඔහුගේ රැකියාව සරලවම කීවොත් , තාක්ෂණය නව ව්‍යවසායකයින්ට හඳුන්වා දීමයි.

දැන් අප බලමු Fadna ආයතනය, ආයතනයක් විදියට ඔවුන්ගේ නිශ්පාදන

ඇගේ තරමක් කෙට්ටු කර ගැනීම  සඳහාත් ඇඟ හැඩ කර ගැනීම සඳහාත් විශේෂයෙන්ම කාන්තාවන්ට විශාල උනන්දුවක් තිබෙන මෙවන් සියවසක මේ වගේ නිශ්පාදන සාර්තක වීමට මහත් රුකුලක් වන්න ඇතයි අපට සිතෙනවා. සත්‍ය ලෙසම එය නොරාහාසකි. fadna  ආයතනය අප සමග එකග විය යුතුමයි. ඒ අනුව මොවුන්ගේ පළමු වෑයම වන්නෙ  ගොරකා භාවිත කරමින් Shape Up tea එකක්  නිෂ්පාදනය කිරීමයි. නමුත්  ගොරකා ඇඹුල් නිසා මේ ඇඹුල් ගතිය අඩු, පානය කිරීමට හැකි තත්ත්වයට ගැනීම සඳහා ගොඩක් මහන්සි වෙන්න මොවුන්ට සිදු වී තිබෙනවා.

ඔබ දන්නවාද ?

  •  HCA (Hydroxycitric Acid) නම් ස්වාභාවික රසායනික සංඝටකය         මඟින්බඩගින්න අඩු කරමින් ඔබ ගන්නා ආහාර ප්රමාණය පාලනය කිරීමට   උපකාරී වේ..
  • මේදය අවශෝෂනය අඩු කර රුධිරගත කොලෙස්ට්රෝල් ප්රමාණය අඩු කරයි..
  • තරබාරු බව අඩු කරයි..
  • මානසික ආතතිය අඩු කර හොඳින් නින්ද ලඟා කර දෙයි..

ඉතින් තවත් FADNA ගැන වචන කුමටද.

දැන්නම් තාක්ෂණය ඉතාම දියුණු ලෙස පාවිච්චි කරන නිසා ප්‍රණීත තේ පානයක් ලෙස Shape Up tea එක වෙළෙඳ‍පොළට යොමු කරන්න මෙම ආයතනයට  හැකි වී තිබෙනවා.. පාවිච්චි කරන ඔබටනම් එහි එය අරුමයක් නොවෙන්නට පුලුවනි නමුත්. එය ඇත්තටම විශ්මය දනවන සුළු දෙයකි.

වර්තමානය වන විට Ranawara Tea, Belimal tea, Ginco tea, Bittergourd tea, Cinnomon tea, Tummy tea ƒ Ezy tea සහ Tummy tea වශයෙන් නිෂ්පාදන විශාල ප්‍රමාණයක් මොවුන් විසින් පිටරට වෙළෙඳපොළ දක්වා  නිකුත් කරනු ලබනවා.

චමේන්ද්‍ර සෝම්තුංග  මහතා පවසන පරිදි සමාගමේ නම Food and nature කියන එකයි. මේ නමේ අකුරු අරගෙන තමයි Fadna කියලා Brand name එක නිර්මාණය කරලා තිබෙන්නෙ.

ඒ වගේම සමාගමේ අරමුණ ගැන කතා කලොත් ,

ස්වාභාවික නිෂ්පාදන මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේදී පහසුවෙන් භාවිත කිරීමට හැකි වන පරිදි හඳුන්වා දීම තමයි මොවුන්ගෙ අරමුණ වී තිබෙන්නෙ.

මෙම ආයතනය පිටින් ඔබට පෙනෙන නිශ්පාදනය මේ තත්වයට ගෙන එන්න මෙන්ම මේ ආයතනය මෙවන් තත්වයකට රැගෙන එන්න කරන කර්‍යබාර්‍ය කුඩා එකක්නම් නොවෙයි. 

මොවුන් පවසන පරිදි  මාකට් එකේ අවශ්‍යතාව ඔවුන්  වෙනම අද්‍යනය කරනවා. අනෙක් පැත්තෙන් තාක්ෂණය පිළිබඳවත් ලොකු අවධානයක් යොමු කරනවා. ආචාර්ය විජේරත්න මහතා සහ Food Scientist ආයුර්වේද වෛද්‍ය විශේෂඥවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ නිෂ්පාදන පිළිබඳව නිබඳවම Research කරනවා.  නිශ්පාදන ක්‍රියාවලියේදී මොවුන් සමග සමාගම් කිහිපයක්  එකතු වෙනවා.

ආයතනය සතු ප්‍රමිති සහතික පිළිබඳව සොයාබැලූ කල 

ජාත්‍යන්තර ප්‍රමිති සහතික රැසක්  fadna සතුයි.

  • ISO 22000/HACCP.
  • GMP System for general Principles of food Hygiene අනුමැතිය.
  • ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත සහතිකය.

 චමේන්ද්‍ර සෝම්තුංග මහතා පවසන පරිදි 

“අපේ Food and Nature පුද්ගලික සමාගම ලියාපදිංචි කරන්නේ 2004 වසරේදීයි. අද වෙනකොට Fadna කියන Brand එක හැමෝම හඳුනාගෙන තිබෙනවා. දැන් ලංකාවේ Green tea කියන වෙළෙඳ‍පොළ අංශයේ සියයට 50ක ඉල්ලුම සපුරන්නේ අපේ ආයතනයයි. ඊට අමතරව මැද පෙරදිග රටවල්, ඇමරිකාව, රුසියාව, ඔස්ට්‍රේලියාව වගේ රටවලට අපේ නිෂ්පාදන අපනයනය කරනවා. අපි ලංකාවෙන් අලුත් දෙයක් කළා. ඒ ඒ රටවලටත් මේ අලුත් නිෂ්පාදනය හඳුන්වා දීමටත් ඒ සඳහා වෙළෙඳ‍පොළක් ඇති කිරීමටත් අපි වෙහෙසෙනවා.” (උපුටා ගැනීම: රිවිර පුවත්පත)

 හොඳ ව්‍යවසායකයෙක් විදිහට අලුත් පරපුරට ලබා දෙන ඔවදන නම් …!
“ව්‍යාපාරිකයෙක් සහ ව්‍යවසායකයෙක් අතර ප්‍රධාන වෙනස්කම් තිබෙනවා. එනම් වෙළෙඳපොළ අවශ්‍යතාව හඳුනාගෙන ඊට හරියන නිෂ්පාදනයක් හෝ සේවාවක් තුළින් සමාජයට යම් සේවාවක් කරන කෙනෙක් ව්‍යවසායකයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්.

රටක් දියුණු වීමට නම් පුළුවන් තරම් ව්‍යවසායකයෝ තව තවත් බිහි විය යුතුයි. Fadna කියන Brand එක අද හොඳ තත්ත්වයක තිබෙනවා. ඒ පිළිබඳව මට තිබෙන්නේ ඉතා නිහතමානී ආඩම්බරයකි.”

 

මූලශ්‍ර : (රිවිර පුවත්පත ,  ෆැඩ්නා ෆේස්බුක් පිටුව ,සහ විවිධ සගරා)

Posts Carousel

Leave a Comment

Your email address will not be published. Required fields are marked with *

Latest Posts

Top Authors

Most Commented

Featured Videos