728 x 90

ඔබත් එකවරක් හෝ විකිපීඩියාව පාවිච්චි කරාද?

ඔබත් එකවරක් හෝ විකිපීඩියාව පාවිච්චි කරාද?

nava.lk වෙතින් අරන් එන  තවත් ලිපියකට ආයුබෝවන් කියලා හැමෝම  පිලිගන්නවා ඉතින් අද අපි කතා කරන්න යන්නේ  ලෝකේ තියන විවිධ වටිනාකියන තොරතුරු හා විවිධ දේවල්  එකතුකරපු අන්තර්ජාල පුස්තකාලක් වන විකිපීඩියා විශ්වකෝශය ගැනය. අපි බලමු දැන් මේකේ විස්තර ටිකක් විකිපීඩියාවේ ඉතිහාසය “සැමට දායක විය හැකි නිදහස් විශ්වකෝෂය” යන්න විකිපීඩියාවේ උදාන වැකිය යි. මේක ගැන විස්තර කියනවනම්   2001

nava.lk වෙතින් අරන් එන  තවත් ලිපියකට ආයුබෝවන් කියලා හැමෝම  පිලිගන්නවා

ඉතින් අද අපි කතා කරන්න යන්නේ  ලෝකේ තියන විවිධ වටිනාකියන තොරතුරු හා විවිධ දේවල්  එකතුකරපු අන්තර්ජාල පුස්තකාලක් වන විකිපීඩියා විශ්වකෝශය ගැනය.

අපි බලමු දැන් මේකේ විස්තර ටිකක්

විකිපීඩියාවේ ඉතිහාසය

“සැමට දායක විය හැකි නිදහස් විශ්වකෝෂය” යන්න විකිපීඩියාවේ උදාන වැකිය යි.

මේක ගැන විස්තර කියනවනම්   2001 ජනවාරි මාසේ 15 වනිදා, ලාබ නොපතන ආයතයක් වන විකිමීඩියා කියන ආයතනේ තමා මේක පටන් ගත්තේ.  ඉංග්‍රීසි භාෂාවෙන් හදපු ලිපි 3800000 පමණ ඇති අතර සිංහල වගේම තවත් විවිද භාෂාවලින් සමන් විත ලිපි 5,000,000 ආසන්න සංක්‍යාවක් තියනවා .

ස්වේච්ඡා  රචකයින්ගේ සහයෝගයෙන් යුතුව, වෙනත් ඕනෑම අයෙකුට වෙබ් බ්‍රවුසරයක්   හරහා සංස්කරණය කළ හැකි පරිදි විකිපීඩියා ලිපි ලියවන බව සඳහන් වේ

මේ කියන  විකිපීඩියාව www.wikipedia.orgයන වෙබ් අඩවිය තුළ ” විකි” (wiki) නම් මෘදුකාංග වර්ගයක් උපයෝගි කරගෙන තමා  වර්ධනය කරන්නේ .. විකි යනු හවායි භාෂාවෙන් ඉක්මන් කියන අර්ථය දෙන වචනක්.

විකිපීඩියා එකේ තියන විශේෂ ලක්ෂණ බලමු දැන්

දැනට ලෝකේ අන්තර්ජාල විශ්වකෝෂ  කිහිපයක් තියනවා සමහර ඒවානම් මේ වෙනකොට වැඩකරන්නේත් නැති තරම්.ඒවා අක්‍රිය වෙන්න හේතුවක් ව්දිහට මේ ව්‍යාපෘති වල සංස්කරණ හා හිමිකම් පිළිබඳ සාම්ප්‍රදායික ප්‍රතිපත්ති අනුගමනය කිරීම , විශේෂඥයන් විසින් ලියනු ලබන දර්ශනය ගැන ස්ටැන්ෆර්ඩ් විශ්වකෝෂය (Stanford Encyclopedia of Philosophy) හා දැනට​ අක්‍රීයව පවතින න්‍යුපීඩියාව (Nupedia) එවැන්නන් ය​.

තනි පුද්ගලයන් විසින් පවත්වාගෙන යන ලිපි වලින් සමන්විත h2g2Everything2 වැනි වෙබ් අඩවි  වැරදි තොරතුරු හා අවිධිමත් තොරතුරු පෙන්වනවා ,විකිපීඩියාව​, Susning.nu,  එන්සයික්ලොපීඩියා   (EnciclopediaLibre) ,විකි විශ්වකෝෂයහී ව්‍යාපෘති වන අතර කතුවරු විශාල ගණනක් ඒවාට තොරතුරු  සම්පාදනය කරනවා ;. ඒවා සංශෝධනය කිරීමේ දී පිළිගත් ක්‍රමවේදයක් නැත​. ලිපි ගණන අතිනුත්, අන්තර්ගත වචන සංඛ්‍යාව අතිනුත්, විකි විශ්වකෝෂ අතර පෙරමුණ ගැනීමට විකිපීඩියාව සමත්ව ඇත​. අනෙක් බොහෝ විශ්වකෝෂ මෙන් නොව, විකිපීඩියාව එහි අන්තර්ගතය GNU නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ බලපත්‍ර ගත කොට ඇත​.

 

මෙහි අන්තර්ගතය

 

හිමිකම් පැවරූ හිමිකම් බලපත්ත්‍රයක් වන GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ (GNU Free Documentation License), විකිපීඩියා ලිපි ප්‍රකාශයට පත් කරනවා .මෙම බලපත්‍රය මගින් යම් නිර්මාණයක් නැවත බෙදා හැරීමට, එයට වෙනස් කම් කිරීමට, හා වාණිජ අරමුණු සඳහා භාවිතා කිරීමට අවසර දෙන අතර, එහි දී මුල් කතුවරයා සඳහන් කළ යුතු වේ. එම නැවත භාවිතාවන් ද GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ නිකුත් කළ යුතු ය​. විකිපීඩියා ව්‍යාපෘතියට බැර කරන අන්තර්ගතයන් GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ නිදහස් වන අතර හිමිකම් මුල් කතුවරයා සතුව ම පවතී. විකිපීඩියාවේ සෑම ලිපියක ම පෙළ GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ නැවත භාවිතාවන්ට නිදහස් ය​. නමුත් සැලකිය යුතු තරමේ ඡායාරූප හා හඬ පට ප්‍රමාණයක් නිදහස් ඒවා නොවේ. ආයතනික ලාංචන , ගීත සාම්පල​, හිමිකම් සහිත ප්‍රවෘත්ති ඡායාරූප වැනි දෑ යහ භාවිතාවන් උදෙසා භාවිත කිරීමේ හිමිකම සහිතව විකිපීඩියාව තුළ නැවත භාවිතා කරනු ලැබේ. අතැම් මාධ්‍ය, විකිපීඩියාව තුළ පමණි හා අන්තර්ගතය වෙනස් නො කොට යුතු ය​ යන කොන් දේසි යටතේ විකිපීඩියාවට ලබා දී ඇත​.[3] කෙසේ නමුත් ඇතැම් විකිපීඩියා සංස්කරණයන් සඳහා වලංගු වන්නේ නිදහස් මාධ්‍යපමණි.

 

සංයුක්ත සහ අංකිත වීඩියෝ තැටි මගින්ද විකිපීඩි‍යා තොරතුරු ලබාගන්න පුළුවන්

අදට අපේ ලිපිය මෙතනින්  නතර කරනවා..තවත් ලිපියකින් හම්බෙමු

ඔයාලට තවත් විකිපීඩියා ගැන විස්තර හොයන්න ඕනනම් https://www.wikipedia.org/   මේ වෙබ් එක්ස්ට ගිහිල්ල බලන්න පුළුවන් …

 

Posts Carousel

Leave a Comment

Your email address will not be published. Required fields are marked with *

Latest Posts

Top Authors

Most Commented

Featured Videos